ඇරඹුම | The Beginning
අග නගරයෙන් ඈත පලාතක් වෙච්ච අපේ නගරයේ පශු වෛද්‍ය සායනයක් අරඹන්න ඕන කියන බලාපොරොත්තුව කාලයක් තිස්සේ මගේ හිතේ තිබුනා. තිබුණ බාධක මග ඇරිලා ඒකට උවමනා කරන වටපිටාව පහුගිය මාසයේ සකස් උනා. ඉතින් ඒ නිසා සති දෙකකට කලින් මං සායනයක් ආරම්බ කළා.
පිටිසර පලාතක සත්ව සායනයක් කරගෙන යන එක ඒ තරම් ආර්ථිකමය අතින් ලේසි දෙයක් නොවුනත්, මගේ ලොකුම බලාපොරොත්තුව උනේ කාර්යබහුල ජීවිතයකින් මිදිලා පවුල සමග ජිවිතේ ගෙවන්න පුළුවන් වටපිටාවක් හදා ගන්න එකයි. ඒත් ඉතිං, ඒ වෙනුවට ඒකෙන් උනේ ජිවිතේ තව ටිකක් සංකීර්ණ වුනු එකයි.
ඔය අතරේම පශු වෛද්‍ය විෂයට අදාළ බ්ලොග් සටහනක් ලියන්නත් මං කාලයක ඉදන් බලන් හිටියා. මේ කාර්ය බහුලකම අතරේ ඒකටත් ආරම්භය සටහන් කරන්නේ මේ විදිහටයි.

Comments
Post a Comment